Sunday, May 21, 2017

Life Story | ජිවිතයේ කතාව




අවුල් වෙලා තියෙන හිත පිස්සු හැදිලා හිරි වැටිලා තියෙන හිත නොයෙකුත් හීන පස්සේ දුවන එක සාමාන්‍ය දෙයක්.

මිනිස්සුන්ට උවමනා එපාකම් වලට අමතරව ආසාවල් අරමුණු හීන උපදින එක සාමාන්‍යයි. ඒක පෘතග්ජන ජීවිතයක හැටි. සමහරවිට අර ජිවිතයට අවශ්‍යම නැතුවම බැරි උවමනා එපාකම් වලට වඩා ඒ අරමුණු ප්‍රබල වෙන අවස්තාවලද නැතුවම නෙවේ.

ඉතින් මාත් පෘතග්ජන මනුස්සයෙක්. තරගෙට දුවන රේස් අස්සයෝ රෑණක ඉන්න තවත් එක් අස්සයෙක් වගේ හීන පස්සේ ධුවන උවමනා එපාකම් වගේම ආසාවල් හීන බලාපොරොත්තු ගොඩාරියක් ඔලුවේ තියන් ඒවා හොයන්න දගලන ඒවා ඉටුකරගන්න පට්ට කට්ටක් කන රේස් අස්සයෙක්.

ලොකු වර්ණනාවක් නෙවේ මට ඕන කළු රේස් අස්සයෝ ගණනාවක් මැද්දාවේ සුදු අස්සයෙක් වෙන්න ඒ අස්සයගේ හෙෂරාවේ ඇහුණාම අනික් අස්සයෝ කුලප්පු වෙන තරමට ඒ අස්සගේ සුදු පාට දිගට ඇදුන කෙස් වැටිය දැක්ක ගමන් අනික් අස්සයෝ පුදුම වෙන විදිහේ අස්සයෙක් වෙන්න.

No comments:

Post a Comment