Sunday, July 16, 2017

Ella Rock Hiking | ඇල්ල කන්දට ගිය අපූරු චාරිකාව




දහසකුත් එකක් බලාපොරොත්තු කාලෙක ඉදන් හිතේ හිර කරගෙන ඒවා සරලවම අති නිදහස් විදිහට එලියට දාපු සංචාරයක් විදිහට මේ ගමන හැදින්වුවොත් හරියටම හරි.
මීට ඉස්සෙල්ල ලංකාව වටේම ගෙදර පවුලේ අයත් එක්ක නැත්නම් අහම්බෙන් වගේ ට්‍රිප් සෙට් වෙලා ගියත් මේක ඊට එහා ගිය හිතුවක්කාර දඩබ්බර ඒ වගේම කවදාවත් අමතක නොවන ගමනක්.

ඊට සති තුනකට විතර කලින් මගේ වැඩකරන යාළුවොත් එක්ක යන්න හිටියත් එක එකාට ආපු නොයෙකුත් කරදර බාදක නිසා ඒ ගමන අවලංගු උනා.එත් ඒ මගේ  අහිංසක බලාපොරොත්තු හිතපු දේවල් අමතක කරන්න තරම් මට හිතක් තිබුනෙම නැ. මොකද මම ඒ වෙනකොට හිතත් එක්ක එහෙ ගිහින් කරන ඒවා ප්ලෑන් කරලා  විතරක් නෙවේ ගමනට අවශ්‍ය බඩු  ගෙනියන බෑග් එකත් හදාගෙන ඉවරයි.

ඉතින් ගමන කැන්සල් උනාට පස්සේ මගේ හිතට ආපු දුක කියාගන්නවත් බැරි තරම්. ඒ නිසාම මට එදා දවස හරි කෑමක් නින්දක් වගේම අඩුම තරමේ එදා දවසේ වැඩට යන්න මුණ හොද ගන්න තරම්වත් හිතක් තිබුනෙම නෑ.

එදා 2017-04-07 වෙනිදා. හවස 4.30 වගේ ඇති. මට ආපු දුකට මට මුකුත් හිතා ගන්න බැරුව ඉන්නකොට එක පාරටම මට මතක් උනේ මට වඩා සමීප උනු Sachin මල්ලිව.එයාට මම ඔය ට්‍රිප් එක ගැන කිවුවම එයාටත් එන්න ආසාව තිබුණු බව කිවුව නිසා මට හිතුන එයත් එක්ක හෝ මේ කාලයක් ප්ලෑන් කරපු ගමන යන්න. ඉතින් ඒ වෙලේම මම කෝල් එකක් අරන් එයාගේ අම්මගෙන් මේ ගැන අවසරේ ඉල්ලගෙන මගේ ගමන එදා යන්න මම conform කර ගත්ත. ඒ වෙලාවේ මට ආපු සතුට කියල නිම කරන්න තරම් නම් මම වචන දන්නේ නැ.

ඉතින් conform කර ගත්ත ගමන යන්න මම ගෙදරින් හවස 7.00 වගේ වෙද්දී පිටත් උනා. ඒ කොලබ කොටුවේ ඉදන් බදුල්ලට යන රෑ 8.00 තැපැල් දුම්රිය අල්ල ගන්න. බුක් කරපු ටික්ට් වල සෙනග හිටියට මම එදා ගත්තු 3rd ක්ලාස් ටික්ට් එකට හරියන පෙට්ටියේ නම් වැඩි සෙනගක් හිටියේ නැ. පෙට්ටියේ තිබුණු කොනේම ෂිට් එහෙක වාඩි වෙලා තිබුණු බලාපොරොත්තු ඉෂ්ට කර ගන්න මගේ ගමන යන මාවත් අරන් කෝච්චිය 8.30 වෙද්දී බදුලු යන්න පිටත් උනා.


මාළුපාන් එකයි කොටුවෙන්ම ගත්ත මයිලෝ එකයි කකා බිබී හිටපු මාවත් අරන් බදුලු ගියපු night mail එක කඩුගන්නාවට ලං වෙද්දී 10.30 වගේ වෙලා තිබුන. කඩුගන්නාවෙන් මේ ගමනට එකතු වෙන්න හිටපු sachin මල්ලී එයාගේ පවුලේ අයත් එක්ක කඩුගන්නාවට අවේ මම ට්‍රිප් එක යන්නේ ඔෆිස් එකේ අයත් එක්ක කියපු බොරුව ඇත්තද බලන්න. කොහොම කොහොම හරි මම හිටපු පෙට්ටියේ තවත් කොල්ලෝ සෙට් එකක් හිටපු නිසා ඒ බොරුව බොරුවක් නෙවේ අත්තක් කියල ඒ අයටත් හිතෙන්න ඇති. කොහොම උනත් මගේ හිතුවක්කාර උන අහිංසක උන කොහොම හරි මට ඕන ගමන යනවා කියන බලාපොරොත්තුව ඉෂ්ට කර ගන්න අහිංසක බොරුත් කියල අපි බදුලු යන්න පිටත් උනා. සීතල කදු පහු කරන් තේ යායවල් පහු කරන් ගියපු කෝච්චියේ ගැහි ගැහී කොපි බිබී සින්දු කිය කියා යන ගමන ඇත්තටම සුන්දර එකක් උනා.



ඔහිය, හපුතලේ, බණ්ඩාරවෙල, දියතලාව, පට්ටිපොල වගේ සුන්දර දුම්රිය ස්ථාන පහු කරන් උදේ 6.30 වෙද්දී ඇල්ලට ආපු අපි අපේ සුන්දර සංචාරය ආරම්බ කරන්න පටන් ගත්ත.


sachin මල්ලී ගෙනාපු ක්‍රිස්කෝ ටින් එකත් කකා අල්ලේ ඉදන් දෙමොදරට rail hike එකක් කරන එකත් ලොකු අත්දැකීමක්.


ඇල්ලට එන අයට කියන්නම ඕන දෙයක් තමයි මෙතැනදී ඇල්ල බලන්න ඒ සුන්දරත්වය විදින්න එනවනම් ඔයාල උදේක ඇල්ලේ ඉදන් දෙමෝදර ස්ටේෂන් එකට rail hike එකක් දාන්න අමතක කරන්නම එපා. මොකද ඇල්ලට කෝච්චියේ එනවා වගේම ඒ ස්ටේෂන් දෙක අතරේ තියෙන පුංචි පුංචි දිය ඇලි තේ වතු බිම්ගෙවල් දිය කඩිති මැදින් ඇවිදින එක අමුතුම සුන්දරත්වයක් ගෙනෙයි. එක අමුතුම ආතල් එකක්.







උදේ 7.00 විතර වෙද්දී මේ hike එකේ වැදගත්ම තැනට අපි ආවා. ඒ තමා nine arches bridge එක.

ලංකාවේ පැරණි ඉන්ජිනේරු තාක්ෂණයේ ඉහල ගුණාත්මක බව හරියටම දකින්න පුළුවන්, විදින්න පුළුවන් දෙයක් හැටියට අපිට මේ nine arches bridge එක හදුන්වන්න පුළුවන්. එකම එක යකඩ කැල්ලක් හරි යකඩ කම්බියක් හරි යොදා ගන්නේ නැතුව තනිකරම ගලෙන් කරපු පාලමක් විදිහට මේක දැකගන්න හදුන්වන්න පුළුවන්. ඇල්ලේ ගියපු පලවෙනි පාර සහ අමතක වීම නිසා මේ nine arches bridge එකේ ට්‍රේන් එකක් යන ඡයාරූපයක්නං අපිට ගන්න බැරි උනා. නමුත් අල්ලේ යන කෙනෙක් මෙතනට ගිහින් එකේ ට්‍රේන් එකක් යන පින්තුරයක් ගන්න තියනවනම් එක ජිවිත කාලෙටම දකින්න පුළුවන් පට්ටම අත්දකිම්ක් වෙයි.





දවල් 12.00 වෙද්දී වගේ ඇවිදලා ඇවිදලා කකුල් රිදෙනකම්ම ඇවිදපු අපි දෙමෝදර ස්ටේෂන් එකට ලගා උනා.




මෙතැනදී දෙමෝදර ගැප් එක හොයපු අපිට ස්ටේෂන් එකේ හිටපු මනුස්සයෙක් කරපු බොරුවකටත් රැවටුනා. හැබැයි ඒ බොරුවේ සුන්දරත්වයක් තියනවා කියල අපිට තේරුනේ පස්සේ මොකද දෙමෝදර ස්ටේෂන් එකේ තාක්ශනේ හොයපු අපිට යන්න උනේ ඇල්ල කපොල්ල දිගේ. කපොල්ල දිගේ ඇවිදන් ගිහින් දෙමෝදර ස්ටේෂන් එකට යට බිම්ගේ පාස් වෙනවත් එක්කම තියෙන කළු පාලම යට දියපාර දැකල ඇති උනේ කියා ගන්න බැරි සතුටක්. මොකද ඇවිදලා ඇවිදලා ඇවිත් අපි හිටියේ හෙම්බත් වෙලා.

කළු පාලම යට තියෙන දිය පාරේ නිදහසේ කිසිම කරදරයක් නැතුව පැය දෙකක් දෙකහමාරක් විතර අපි හොදට නා ගත්ත. ගාමේ ඉන්න ඒ තැන දන්නා පවුලක් අපි එනකොට නාමින් හිටියත් අපි ඇවිත් විනාඩි පහළවකින් වගේ ඒ පවුල යන්න පිටත් උනා. ඒ නිසා අපිට කිසිම කෙනෙක්ගෙන් හිරිහැරයක් බාදාවක් නැතුව ආරක්ෂාකාරීව නාන්න පුළුවන් උනා.




දවල් 3.00 විතර වෙද්දී නාල ආයෙත් ස්ටේෂන් එකට ආපු අපිට කොලබින් උදේ 6.55ට බදුලු යන දවල් 3.30 වෙද්දී දෙමොදරට එන ට්‍රේරින් එක දෙමෝදර ලූප් එකෙන් යන විදිහ බලා ගන්නත් අපි වාසනාවන්ත උනා. මේ ස්ටේෂන් එක ප්‍රසිද්ද වෙච්ච ලංකාවේ ඉන්ජිනේරු තාක්ෂනෙට සම්බන්ද පොඩි ඉතිහාස කතාවකුත් තියනවා. ඒ මොකද්ද කියනවනම් ඉස්සර ඉංග්‍රීසින් ලංකාව පාලනය කරන කොට එයාලා බඩු ප්‍රවාහනය කරන්න යොදා ගත්ත ලේසිම ක්‍රමය තමයි දුම්රිය මාර්ගය. ඉතින් දෙමෝදර හරහා බඩු ප්‍රවාහනය කරද්දී මේ ස්ටේෂන් එක ගාව තියෙන කදු දෙක අතරින් මාර්ගය හදන්නේ කොහොමද කියල ඒකාලේ හිටපු එංගලන්ත ඉංජිනේරුවන්ට හිතා ගන්න බැරි උනාලු. එයාල මේ ගැන හිතමින් කල්පනා කරමින් ඉන්න වෙලාවේ ලංකාවේ ඒ වෙලාවේ වැඩකරපු සාමාන්‍ය වැසියෙක් කියල තියනවා එයාගේ ජටාව වටේට රවුමට බැදලා තියෙන විදිහ පෙන්නලා මෙන්න මෙහෙමයි මහත්තයෝ ඕක හදන්නේ කියල. ඉතින් එක අහපු එංගලන්ත ඉංජිනේරුවෝ කදු දෙකෙ වටෙන් කෝච්චිය යන විදිහට රේල් පාර නිර්මාණය කලාලු. 



අපි ඒ දැක්ක දේ අනික් අයටත් බලන්න පොඩි වීඩියෝ එකක් ගන්නත් අමතක කලේ නැ. 


උදේ ඉදන් ඇවිදලා ඇවිදලා කොච්චි එනකම් බලන් ඉදල නාල හිටපු අපිට ඒ වෙද්දී තිබුනේ පුදුම තරමේ බඩ ගින්නක්. ඉතින් එතන තිබුන පොඩි තට්ටුවක දාල විකුනපු කඩේකින් ඉස්සෝ වඩේ, පැටිස්, උළුදු වඩේ කකා හිටියට දෙමෝදර හන්දියට ඇවිත් තමා අපි හරියටම බත් කටක් කෑවේ. සැරටම නැති උනත් මිරිසට කුකුල් මස් කටු ටිකකුයි රසම රස කතුරුමුරුංග පලා ටිකකුයි පරිප්පුයි තව එලොලුවකුයි තිබ්බ අපිට ඒ බත් ටික ඒ වෙලාවේ හැටියට දිව්‍ය බෝජනයකටත් වඩා වැඩි දෙයක් උනා.

බතුත් කාල අයෙත් ඇල්ලට යන්න ලගා උන අපිට ඊලග ප්‍රශ්නේ උනේ පුංචි සිරිපාදෙට යන්නේ කොහොමද කියන එක. හැබැයි බස් එකෙන් බැහැපු තැනම ඌව පලාත් සංචාරක අමාත්‍යාංශයෙන් ගහල තිබුන ලොකු බෝඩ් එකෙන් අපිට ඒ ගැන කරදරයක් වෙන්න උනේ නැ.


නමුත් වැඩි හොදට එතනින් ත්‍රිවිල් එකක් අරන් පුංචි සිරිපාදේ ලගටම ගියපු අපිට ඒ ත්‍රීවිල් එක එලවපු මනුස්සය කරපු උදව්වත් අමතක කරන්න බැ.

හවස 4.30 වගේ වෙද්දී පුංචි සිරිපාදේ නගින්න පටන් ගත්ත අපි 5.15 වගේ වෙද්දී කන්ද උඩටම නගින්න පුළුවන් උනා.



මේ කන්දේ තියෙන සුන්දරත්වය මම අමුතුවෙන් කියන්න කිසිම දෙයක් නැති වෙයි. මොකද නගින්න එච්චර අමාරුත් නැති වැඩිය උසත් නැති මේ කන්දේ උඩට පෙන සුන්දර දසුන් ඇස් වලින් බලන්න පින් කරන්නම වෙනවා. ඇල්ල-වැල්ලවාය මාර්ගය දිගේ යන කාර් වෑන් වගේ වාහන පුංචි ගිනිපෙට්ටි වගේ ලස්සනට පේන හැටි වචනයෙන් විස්තර කරන්නනම් බැරි වෙයි.





හවස 7.30 වගේ වෙද්දී පුංචි සිරිපාදය කන්දට සමු දීල එදා දවස හමාර කරන්න හිතපු අපි රැට නවතින්න කාමරයක් හොයන්න ගත්ත. මෙතැනදී කියන්නම ඕන දෙයක් තමයි ඇල්ලේ ගිහින් මිලෙන් අඩු කාමරයක් හොයනව තියා ටිකක් වැඩි ගානක් දීල හරි නිදා ගන්න ඇදක් විතරක් තියෙන තැනක් හොයන එක කළුනික හොයනවටත් වඩා අමාරු දෙයක්. මොකද ඒ තරමටම සංචාරකයන් පිරුන තැනක් තමයි ඇල්ල කියල කියන්නේ. දේශීය සංචාරකයන් බොහොම අතලොස්සක් උනු එය බැලු බැලු තැන විදේශීය සංචාරකයන් ගැවසෙන මේ ලංකාවද කියන කාරණේ මොහොතකටවත් හිතන්න බැරි විදිහට සකස් උණු රාත්‍රියට පාරාදීසයක් වගේ සැරසුණු සංචාරක භූමියක් විදිහට මේක හදුන්වන්න පුළුවන්. කොහොම නමුත් රුපියල් 1500 වගේ මුදලකට ඇදක් ඇදුම් රැක එකක් මේසයක් තියෙන කුඩා කාමරයක් හොයා ගන්න අපිට පුළුවන් උනා. මේ තැන nanda guest house නමිනුත් අයිතිකරු නන්දන නමිනුත් හදුන්වන්න පුළුවන්.


රෑට ඇල්ලේ හන්දියේ ඒ පාරාදීසයක් උනු පෙදෙසේ ඇවිදලා rice කාල රෑ 9.00 වගේ වෙද්දී නිදා ගත්තේ ඊලග දවසෙත් තවත් සුන්දර මතකයන් අත්දැකීම් ගොඩක් ලබා ගන්න හිතේ තියාගෙන.

...................................

2017-04-09 වන දින nanda guest house එකේ පුංචි කාමරයක තිබුන ඇදෙන් උදේ හයට විතර අවදි උන අපි උදෙන්ම ලෑස්ති උනේ අපේ අනෙක් සංචාරවලටත් උදෙන්ම ගමන ආරම්බ කරන්න. ඊට ඉස්සෙලා දවසේ rice කාපු කඩේන්ම ඉදිආප්ප පානුයි පරිප්පු පොල්සම්බෝලයි කාපු අපි අපේ ඒ දවසේ පලවෙනි ගමන උන ඇල්ල කන්ද ඒ කියන්නේ කවුරුත් දන්නා ella rock තරණය කරන්න ලෑස්ති උනා. මිනිස්සුන්ගෙන් අහගෙන දැනගෙන හොයාගෙන ඇල්ල ස්ටේෂන් එක පාරේ කිතඇල්ල ස්ටේෂන් එකට පයින් ආපු අපිට බොහොම සුන්දර විදේශික සංචාරක කණ්ඩායමකුත් හම්බ උනා. එකම එක කොල්ලෙක් එක්ක කෙල්ලෝ තුන්දෙනෙක්ගෙන් සමන්විත උනු ඒ කණ්ඩායම අපි වගේම පාර නොදන්නාකමට හොය හොයා ආපු අතරමන් උන වැරදි පාරවල්වල ගියපු කණ්ඩායමක් උනා. මේ කණ්ඩායමත් අපිත් ශ්‍රී ලංකාවේ ඉන්න සමහර මුදලට කෑදර බොරු කියන මිනිස්සුන්ගෙන් සහ කපටි ගැනු කෙනෙක්ට රැවටිලා කෙසේ හෝ ඇල්ල කන්ද නගින පාර හොයා ගන්න සමත් උනා. ඇල්ල කන්ද උඩ තියෙන අසිරිය වගේම කන්ද නගිද්දී දැනෙන පෙනෙන සුන්දරත්වය කියා ගන්න බැරි තරම්.



මග දිගට හම්බවුන විදේශීය සංචාරකයන් සුහද වෙමින් උදේ 11.00 පමන වෙද්දී ඇල්ල කන්ද උඩටම එන්න අපිට පුළුවන් උනා. ලංකාවේ සුන්දරත්වය ලස්සන වටින්නේ ලංකාවේ මිනිස්සුන්ට වඩා පිටරට සිටින මිනිස්සුන්ට. මේ ගමනේදී එය හිතුනු වාර අප්‍රමානයි. මොකද ලංකාවේ සංචාරකයන් එහි ඇත්තෙම නැති තරම්.

අමාරුවෙන් නමුත් ඇල්ල කන්ද උඩටම නැග්ගම දැනෙන සනීපෙ පෙන සුන්දරත්වය දැනෙන දර්ශනය හරිම ලස්සනයි. ලංකාව මේ වගේ සුන්දර ස්ථාන කොහොම පිහිටුනාද ලංකාව කොයි තරම් ලස්සන රටක්ද කියල මේ කන්ද උඩට නගින ඕනෑම කෙනෙක්ට හිතෙන්න පුළුවන් දෙයක්.











ඇල්ලේ කන්දේ තියෙන සුන්දරත්වය විදලා දවල් 1.30 වගේ කන්දට සමු දුන්න අපි අපේ දෙවන සංචාරේ වෙච්ච රාවණා ඇල්ලට යන්න පිටත් උනා. ඇල්ල-වැල්ලවාය පාර දිගේ බස් එහෙක යනවනම් රුපියල් 32.00 වගේ දුරක් ගෙවාගෙන රාවණා ඇල්ලට දවල් 2.30 වගේ වෙද්දී එන්න අපිට පුළුවන් උනා.

අඩි 80-85 වගේ උඩක ඉදන් කිසිම කරදරයක් නැතුව නොනවත්වා කඩාගෙන හැලෙන දිය පාරක ඉහල සුන්දරත්වයක් එක්ක තියෙන රාවණා ඇල්ල කියන්නේ ලංකාවේ තියෙන ලස්සනම දිය ඇල්ලක් තමයි.



දෙවන දවසේ තිබ්බ මහනසිය නිවා ගන්න මදි පාඩුවක් නැතුව නිදහසේ නා ගන්න මේ රාවණා ඇල්ලෙන් අපි අමතක කරේ නෑ. රාවණා ඇල්ලෙන් නාල සිරි නරබලා ඇල්ල ලගම තිබුන කඩේකින් බඩ පිරෙන්නම රසට mix rice කන්නත් පුළුවන් උනා.



එතනින් අපි අපේ සංචාරේ නිමා කරලා ආයෙත් ඇල්ල ස්ටේෂන් එකට ආවේ ඇල්ලෙන් රෑ 8.00 තියෙන බදුල්ලෙන් කොලබ යන රාත්‍රී තැපැල් දුම්රියට එකතු වෙන්න. එදා රෑ අපි ඒ දුම්රියෙන් කොලබ ආවේ අපේ සංචාරයට, වැදගත් රස්තියාදුවට හේතු උන ඇල්ල නගරයට ආයුබෝවන් කියල.

.............................................

4 comments: